• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන දසසිල් මාතා ආරාමය පිහිටි ඉඩම් කොටස එකී දසසිල් මාතා ආරාමය වෙත නිරවුල් කොට පවරා දීම
- කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් කොටසක්, සුධර්මා දසසිල් මාතා ආරාමය වෙත ලබා දෙනු ලැබ ඇති අතර බෝධියක් රෝපණය කරනු ලැබ ඇති ඊට යාව පිහිටි ඉඩම් කොටසද එම ආරාමය විසින් භාවිත කරනු ලබයි. ඒ අනුව, එම දසසිල් මාතා ආරාමය විසින් භුක්ති විඳිනු ලබන, පර්චස් 7.56ක ප්‍රමාණයෙන් යුත් සම්පූර්ණ ඉඩම් කොටස, එම ආරාමය වෙත නිරවුල් කොට පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.