• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය කඩිනම් කිරීමේ (AHEAD) ව්‍යාපෘතිය
- නවීන සහ ගෝලීය දැනුම මුල් කරගත් ආර්ථිකයක් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන ලෙස ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුව තිබේ. උපාධිධාරින් අතර ඌන සේවා වියුක්තිය අවම කිරීමේදී, අධ්‍යයන වැඩසටහන්වල ගුණාත්මකභාවය සහ ශිෂ්‍යයන්ගේ රැකියා අභිමුඛ කුසලතා ඉහළ නැංවීමටත්, ඉ‍ගැන්වීම් හා ඉ‍ෙගනුම් ක්‍රම මෙන්ම ඇගයීම් ක්‍රම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛතාව දිය යුතුව තිබේ. එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනය සහ කළමනාකරණය, ආයෝජනය සහ මූල්‍යනය මෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුවේ. මෙම ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු විසඳීම අරමුණු කරගනිමින් 'උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සංවර්ධනය කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක්' (AHEAD), ලෝක බැංකු ආධාර යටතේ, වසර 6ක කාල පරිච්ඡේදයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.