• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මල් වගාව තුළින් උසස් ජීවන තත්ත්වයක් ඇති කරගැනීම සඳහා වගාකරුවන් සවිබල ගැන්වීම
- කාන්තාවන් සහ තරුණයින් සඳහා ස්වයං රැකියාවන් ඇති කිරීම මඟින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමෙහි ලා මල්වගා ක්ෂේත්‍රයෙන් ඉමහත් දායකත්වයක් ලබාගත හැකිය. මල් වගාව මඟින් ශ්‍රී ලංකාව විසින් 2015 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 18කට වැඩි අපනයන ආදායමක් උපයාගනු ලැබ ඇති අතර, එය තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් පවතී. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක මට්ටමින් මල්වගා සංවර්ධන ක්‍රියාකාරකම්වල දීර්ඝ කාලයක සිට යෙදී සිටින අතර, මේ වන විට දිස්ත්‍රික්ක 17ක 'සුවහස් මල් සමිති' 173ක් පිහිටුවනු ලැබ තිබේ. ඒ අනුව, උතුරු හා නැ‍ඟෙනහිර පළාත් ද මෙම වැඩසටහනට ඇතුළත් කරගනිමින්, මල්වගා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, තාක්ෂණික තොරතුරු, උසස් රෝපණ ද්‍රව්‍ය, වගා පුහුණුව සහ අලෙවිකරණ සහාය ලබා දෙමින්, සුළු හා මධ්‍ය පරිමාණ මල්වගාකරුවන්, විශේෂයෙන්ම මල් වගාවේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම ඉලක්ක කරගත් මල්වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්, රුපියල් මිලියන 228.5ක පිරිවැයකින්, 2017-2021 පස් අවරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය‍ වශයෙන් ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.