• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
- 'ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගිතා වැඩසටහන' සහ 'ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙළින් යුරෝ මිලියන 30ක් සහ යුරෝ මිලියන 14.5ක ප්‍රදාන ආධාර ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, ඒ අනුව එම සංගමය සමඟ ඊට අදාළ මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.