• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම් සංශෝධනය කිරීම
- 'සමාජ ඒකාබද්ධතාව සහ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණය සඳහා වූ ශක්තිමත් හවුල්කාරිත්වය' (Strengthened Partnership for Democratic Reform & Social Integration) සහ 'ඉහළ නැංවුණු සමතුලිත ආර්ථික වර්ධනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (Increased Equitable Economic Growth and Public Financial Management)' යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකා එක්සත් ජනපද රජය සමඟ 2011 වර්ෂයේදී එළඹෙන ලද ගිවිසුම් අනුව ලබා දීමට එකඟ වූ මූල්‍යමය දායකත්වය ඉහළ නැංවීමට ඇමරිකා එක්සත් ජනපද රජය එකඟ වී ඇති බැවින්, ඒ අනුව අදාළ ගිවිසුම් සඳහා වන සංශෝධනයන්ට අත්සන් තැබූ බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.