• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට නෙදර්ලන්ත, බෙල්ජියම් සහ ඔස්ට්‍රියානු රජයන් එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලබන එක්සත් රාජධානියේ සැපයුම්කරුවන් සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් 85%ක් දක්වා සෘජු මූල්‍ය පහසුකම් එරට භාණ්ඩාගාරය මඟින් සලසා දිය හැකි බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක වටිනාකමකින් යුතු ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා, පාලම් ඉදි කරනු ලබන, එක්සත් රාජධානියේ සමාගම් වෙතින් මූල්‍ය යෝජනාද ඇතුළත්ව මිල ගණන් කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.