• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ව්‍යාපෘති සැලසුම්කරණ අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම
- පෝෂණ තත්ත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ධීවර නිෂ්පාදනය ඉහළ දැමීම මඟින් උතුරු පළාතේ වෙසෙන ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි, 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙමඟින් උතුරු පළාතේ ධීවර පවුල් 40,000කට පමණ ප්‍රතිලාභ හිමි වනු ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.