• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අරමුණින්, එම රෝහල වෙත අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, උපකරණ සහ එහි රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරනු ලැබ තිබේ. ස්ථාපිත කරනු ලැබීමට නියමිත මධ්‍යස්ථානය ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ජාතික මට්ටමේ පුරෝගාමී මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කොපරේට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් බැංකුව (Credit Agricole Corporate and Investment Bank of France) සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.