• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා රාජ්‍ය ජාලය ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- අධිවේගී හා සුරක්ෂිත අන්තර්ජාල සම්බන්ධතා රාජ්‍ය ආයතන වෙත ලබා දීම මඟින් පුරවැසියන් සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව කඩිනමින් ලබා දීමේ අරමුණ පෙරදැරිව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ලංකා රාජ්‍ය ජාලය' (Lanka Government Network - LGN) ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සේවා සැපයීමට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.