• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුම
- සමානාත්මතා මූලධර්මය මත සහ අ‍න්‍යොන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව දෙරට අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ හා නැවත බලගැන්වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුව අතර සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමට, සිය ඉතියෝපියානු නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.