• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීම
- අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ නිවාස 620,000ක් 2019 වසර වන විට ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන නියමිත කාල රාමු තුළ ඉටු වන බව සහතික කරගනිමින්, මෙම ව්‍යාපෘතිය වෙත ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) පිහිටුවීමටත්, එම කාර්ය ඒකකය වෙත වෙන් කර දෙනු ලබන සියලුම් ඉඩම් සඳහා 'ඉඩම් බැංකුවක්' ස්ථාපිත කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.