• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ සඳහා නව ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
- දැනට පවතින අධිකරණ ගොඩනැඟිලි ඉතා පැරණි ඒවා වීම, ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව නඩු සංඛ්‍යාව ඉහළ යාම සහ එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අධිකරණ ගොඩනැඟිලිවල පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ගම්පොළ, රුවන්වැල්ල, මාන්කුලම්, මුලතිවු, යාපනය, අනුරාධපුරය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පවතින අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.