• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා අවශ්‍ය හයිපොඩර්මික් සිරින්ජර් මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ඖෂධ එන්නත් කිරීමට සහ දේහ තරල පිටතට ගැනීම සඳහා භාවිත කරනු ලබන හයිපොඩර්මික් සිරින්ජර් විවිධ ප්‍රමාණයන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.