• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 33 ක් ආවරණය කරමින් නව නළ ජල සබඳතා 12,500ක් ලබා දීමට අපේක්ෂා කරනු ලබන අතර, එමඟින් 49,370ක පමණ ජනතාවකට සෙත සැලසෙනු ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.