• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ වැළැක්වීමේ ආඥාපනතට සිදු කරනු ලබන සංශෝධන
- දැනට කිසියම් සැකකරුවෙකුගේ ඇඟිලි සලකුණු ලබාගත හැක්කේ අපරාධ වැළැක්වීමේ ආඥාපනතේ සඳහන් අපරාධ ලැයිස්තුවට ඇතුළත් අපරාධ සම්බන්ධයෙන් පමණි. විවිධ ව්‍යවස්ථා මඟින් මෑතකදී අලුතෙන් එක් කරනු ලැබ ඇති අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන තැනැත්තන්ගේ ඇඟිලි සලකුණුද ඒ අයුරින් ලබාගත හැකි වන පරිදි, එම නව වරදවල්ද අපරාධ වැළැක්වීමේ ආඥාපනතේ ඇඟිලි සලකුණු ලබාගත යුතු බවට නියම කෙරෙන 'අපරාධ' ලැයිස්තුවට ඇතුළත් කරමින්, එම උපලේඛනය සංශෝධනය කිරීමටත්, එවැනි අපරාධයකට චෝදනා ලැබූ තැනැත්තෙකුට අත්හිටවූ දණ්ඩනයක් පනවා ඇති විට‍කදී සහ එම තැනැත්තා සම්බන්ධයෙන් පෙර වැරදි ඔප්පු වී තිබෙන අවස්ථාවකදී, අත්හිටවූ දණ්ඩනය බලාත්මකව පවතින කාලය ඉකුත් වන තෙක් එම තැනැත්තා පොලිසියේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කළ හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් අපරාධ වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත් පිළියෙල කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.