• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ ඇති කරගනු ලබන එකඟතා ගිවිසුම
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර එළඹුණු අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ එකඟතා ගිවිසුම 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ක්‍රියාත්මක විය. දෙරටෙහි උසස් අධ්‍යාපන අංශ අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සහ දෙරටෙහි උසස් අධ්‍යාපන ආයතන අතර සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, වර්ෂ 2016 - 2020 කාලය සඳහා අදාළ සංශෝධන සහිතව එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ වියට්නාමයේ අධ්‍යාපන හා පුහුණු කිරීමේ අමාත්‍යාංශය අතර වන අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ නව එකඟතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.