• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාව
- ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය සඳහා 2015‑01‑01 දින සිට 2015‑01‑07 දින දක්වා කාලවකවානුව තුළ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,549ක මුදලක් නිදහස් කරනු ලැබ ඇති අතර, මූල්‍ය වර්ෂයක් ආරම්භයේදී මෙවැනි විශාල ප්‍රමාණයේ ගෙවීම් සිදු කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වත්මන් තත්ත්වය පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය අනුකමිටුව විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)වෙත භාර කරන ලෙසට එම අමාත්‍ය අනුකමිටුව විසින් කරන ලද නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.