• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුම
- එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්ම මත පදනම්ව දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ හා වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ එළඹෙන ඉතියෝපියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.