• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්‍රදානය කිරීම
- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ 01 හා 02 යටතේ මාර්ග ආපදා කළමනාකරණ සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ස්ථාන 16ක සිදු කිරීමට නියමිත නයායෑම් ආපාදා වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සිවිල් වැඩ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.