• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම
- උතුරු, නැ‍ඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල මාර්ග කිලෝමීටර 4,000ක් පමණ පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතියෙහි 2 වන අදියර (i -Road Project - 2) ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.