• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතුකරය ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ සංකල්පය යටතේ හූටිවිල් නිවාස ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්ට ඉඩම් හිමිකාරිත්වය සහ යෝග්‍ය නිවාස ලබා දීම
- වතුකර ප්‍රජාවට වඩා උසස් ජීවන තත්ත්වයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන නව ගම්මාන ඉදි කිරීමේ සංකල්පය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හූටිවිල් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 71 දෙනෙකු සඳහා හිමිකම් ඔප්පු නිකුත් කිරීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.