• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංවර්ධන කටයුතු අඩාළව පැවති උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සුවිශේෂ හා ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. ඒ සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව යෝජිත 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.