• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීම (E-Friends II Revolving Fund)
- ජාත්‍යන්තර සහයෝගය සඳහා වන ජපාන බැංකුවේ ආධාර යටතේ, 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරන ලද 'පරිසර හිතකාමී ව්‍යාපෘතිය - II ණය යෝජනා ක්‍රමය' යටතේ චක්‍රීය අරමුදලට බැර කර ඇති ඉතිරි අරමුදල් සහ මහා භාණ්ඩාගාරය විසින් 2017 වර්ෂය වෙනුවෙන් මේ සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 1,300ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් 'පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය' (E-Friends II Revolving Fund) ක්‍රියාත්මක කිරීම සඳහාත්, නාස්තිය අවම කිරීම, බලශක්තිය ඉතිරි කරගැනීම හා පරිසර දූෂණය පාලනය කිරීම සඳහා කර්මාන්තකරුවන්ට සහාය වීම යන මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යෝග්‍යතම ප්‍රතිලාභීන්ට මේ යටතේ ණය ලබා දෙනු ලබන බව තහවුරු කරගැනීම පිණිස ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.