• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම
- ඉහළ ආදායම්ලාභී සංචාරකයින් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් පරිසර හිතකාමී සුඛෝපභෝගි සංචාරක කඳවුරු ඉදි කිරීම පිණිස යාල ජාතික උද්‍යානයට යාබදව පලටුපාන ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් ඉඩමෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් සීමාසහිත වයිල්ඩ් කෝස්ට් ලොජ් (පෞද්ගලික) සමාගම වෙත 2012 වසරේදී වෙන් කර දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය පර්චස් 155ක අතිරේක ඉඩම් ප්‍රමාණයක්, එම සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු පදනම මත ලබා‍ දීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගන්නා ලෙස සහ අදාළ ඉදි කිරීම් කරගෙන යාමේදී අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවට එකී සමාගමට නියම කිරීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.