• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යොදවනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා ඛණ්ඩයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
- මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා ඛණ්ඩයක් පිටත් කර යැවීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, එම හමුදා ඛණ්ඩය සඳහා අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ මිල දී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට රුසියාවේ බැංකුවක් (SBERBANK) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.