• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදයේ (IFIAR) වාර්ෂික වැඩමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- ලොව පුරා සිටින ස්වාධීන විගණන නියාමකවරුන් විසින් තම සාමාජිකයන්ගෙන් සිදුවන විගණන අඩුපාඩු පිළිබඳ සාකච්ඡා කර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදය පිහිටුවා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය 2007 වර්ෂයේ සිට එම සංසදයෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, එහි සාකච්ඡා සඳහා ක්‍රියාකාරී ලෙස සහභාගී වී ඇත. එම සංසදය විසින් එහි සාමාජික ආයතනයන්හී කාර්ය මණ්ඩලවල සහභාගිත්වය ඇතිව සෑම වසරකම වැඩමුළුවක් පවත්වනු ලබන අතර, ඒ අනුව 2018 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩමු‍ළුව 2018 පෙබරවාරි මාසයේදී කොළඹදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.