• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (2017-2021)
- 'මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017 - 2021' පිළියෙල කිරීම පිණිස සහ එහිදී සැලකිල්ලට ගත යුතු සියලු කරුණු සලකා බැලීම පිණිස විදේශ කටයුතු; නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු; අධිකරණ සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ යන අමාත්‍යවරුන්ගේ සම-සභාපතිත්වයෙන් යුතු මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය වර්ෂයේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී අන්තර් අමාත්‍ය කමිටුවේ උපදේශනයන් හා අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වයක් ඇතිව කෙටුම්පත් කරනු ලැබ ඇති 'මානව හිමිකම් පිළිබඳ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2017 - 2021)' වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම සැලැස්ම අනුමත කරන ලදී.