• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ලෝක බැංකු ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.