• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය සැපයීම් තොග ගබඩා කිරීමට වෛද්‍ය සැපයීම් අංශය සඳහා වැලිසර රෝහල් පරිශ්‍රයේ පෙර සවි ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය සතුව පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අවශ්‍ය ගබඩා පහසුකම් කුලී පදනම මත පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා මාසයකට රුපියල් මිලියනයකට ආසන්න පිරිවැයක් දරනු ලැබේ. එබැවින්, දිගුකාලීන ගබඩා අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, රෝහල් වෙත වෛද්‍ය සැපයීම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා වැලිසර රෝහල් පරිශ්‍රයේ පෙරසවි ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ගබඩාව ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.