• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා භූමිය අලංකරණයට අදාළ කොන්ත්‍රාත්තුව සහ ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ යන ප්‍රදේශයන්හි පිහිටි උසස් තාක්ෂණ ආයතනයන්හි අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.