• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1971 අංක 52 දරන වෙළඳ නාවික පනත යටතේ පනවනු ලබන කුඩා වෙළඳ යාත්‍රා නියාමනය කිරීමේ රෙගුලාසි
- කුඩා වෙළඳ යාත්‍රා‍ මඟින් කෙරෙන නාවික කටයුතු සඳහා වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ විශාල නැඹුරුවක් පවතී. එසේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් සමඟ නැව් මඟින් සිදු කෙරෙන මගී ප්‍රවාහන හා සංචාරක කටයුතුවල සැලකිය යුතු වර්ධනයක්ද සිදු ව ඇත. මෙම කුඩා වෙළඳ යාත්‍රා ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම විධිමත් කිරීමේ අරමුණින්, 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත යටතේ 'කුඩා වෙළඳ යාත්‍රා නියාමනය කිරීමේ රෙගුලාසි' පැනවීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.