• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම
- අනුරාධපුර හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්ක යා කරමින් ක්‍රියාත්මක කෙරෙන යාන්ඔය ජලාශ ව්‍යාපෘති‍ෙය් ඉදි කිරීම් කටයුතු 85%ක් පමණ මේ වන විට අවසන්ව තිබේ. මෙහි ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීම‍ට පෙර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 242ක් පමණ ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් කඩිනමින් ඉවත් කළ යුතුව තිබේ. ඒ අනුව, එම පවුල්වල ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, දැනට පවතින විධිවිධානයන්ගෙන් පරිබාහිරව, ඔවුන් වර්තමානයේ පදිංචි නිවාසවල තත්ත්වයට ගැළපෙන පරිදි මූලික අවශ්‍යතා සහිත අංග සම්පූර්ණ නිවාස ඉදි කරගැනීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම, අත් කරගැනීමට නියමිත රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සංවර්ධනය කර භුක්තිවිඳින තැනැත්තන් සඳහා නිසි ක්‍රමවේදයකට යටත්ව වන්දි ගෙවීම, ව්‍යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ඉඩම් සඳහා කන්න හානිය ලෙස මූල්‍යමය වන්දියක් පිරිනැමීම යන සහන ලබාදීම මඟින් එම පවුල් කඩිනමින් ඉවත් කොට ව්‍යාපෘතියේ වැඩකටයුතු නියමිත කාල වකවානුව තුළ අවසන් කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.