• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජල තීරය තුළ යාන්ත්‍රික බෝට්ට‍ු භාවිත කර සිදු කරනු ලබන ට්‍රෝලිං ධීවර මෙහෙයුම් ක්‍රමය තහනම් කිරීම
- එන්ජින් සහිත හෝ යාන්ත්‍රික ධීවර බෝට්ටු මඟින් ඇදගෙන යනු ලබන දැල් භාවිත කරමින් ශ්‍රී ලංකා ජල තීරය තුළ සිදු කරනු ලබන ධීවර මෙහෙයුම් (ට්‍රෝලිං ධීවර මෙහෙයුම්) තහනම් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසමින්, 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.