• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇඟලුම් ආශ්‍රිත කුඩා කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
- අවතැන් වූ පවුල්වල කාන්තාවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත 'ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන' යටතේ, නැ‍ඟෙනහිර හා ඌව පළාත්වල මෙන්ම තෝරාගත් දිස්ත්‍රික්කවල ග්‍රාමීය කාන්තාවන් සඳහා ඇඳුම් මැසීමේ පුහුණුව ලබා දීමටත්, අනතුරුව ඔවුන් සංවිධානය කරමින් කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් 150ක් ස්ථාපිත කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා පවතින විශාල ඉල්ලුම සැලකිල්ලට ගෙන, ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ කුඩා පරිමාණ ඇඟලුම් කම්හලක සෘජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව, 15 සිට 20 දක්වා ඉහළ නැංවීමටත්, ඒ අනුව එක් එක් කම්හල සඳහා අමතර මහන යන්ත්‍ර 05 බැගින් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිලාභීන් පුහුණු කරනු ලබන සමුපකාර සංගම් වෙත මහන යන්ත්‍රවල හිමිකාරිත්වය ලබා දීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.