• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස/නිවාස පහසුකම් ඉදි කිරීම
- රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වය (Public Private Partnerships - PPP) යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති මඟින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සේවය කරනු ලබන වෛද්‍ය නිලධාරින්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මූලික නේවාසික අවශ්‍යතා සපුරා ලීමට පසුගිය අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, මධ්‍යම රජයේ රෝහල් සහ පළාත් රෝහල්වලට අනුයුක්ත කරනු ලැබ ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරින්, වෛද්‍ය නිලධාරින් හා සීමාවාසික වෛද්‍ය නිලධාරින් සඳහාත්, අනෙකුත් සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සඳහාත් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නිල නිවාස ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.