• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියං තත්ත්වය තුළ ජල සම්පාදන පහසුකම් කළමනාකරණය කිරීම
- වර්තමානයේ දිවයිනට බලපා ඇති නියං කාලගුණික තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල කුඩා ප්‍රජා ජල සම්පාදන පද්ධතීන්ට බරපතල බලපෑමක් ඇති කරනු ලැබ ඇත. වියළි කාලගුණය හේතුවෙන්, එම ජල සම්පාදන පද්ධතීන්හි ජල සම්පාදන ධාරිතාව අඩු වී ඇති අතර, ජලය සඳහා ඇති ඉල්ලුම වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බවුසර මඟින් සිදු කරනු ලබන ජල සම්පාදන කටයුතු පුළුල් කිරීමටත්, නළ ළිං 400ක් ඉදි කිරීමටත්, නියඟයට ලක් විය හැකි ග්‍රාමීය ප්‍රදේශවල දැනට තිබෙන අතින් පොම්ප කළ හැකි පොදු ගැඹුරු ළිං 1,000ක් අලුත්වැඩියා කර පුනරුත්ථාපනය කිරීමටත්, අතින් පොම්ප කළ හැකි ළිං 200ක් දුෂ්කර ගම්මානවල ඉදි කිරීමටත්, ජලය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමටත්, ජල සැපයුම් හදිසියේ අඩාළ වන අවස්ථාවන්හිදී අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ බලධාරින් හා ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.