• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
- වත්මන් රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් වැඩි දායකත්වයක් ලබාගනිමින් ඉහළ සේවා නියුක්තියක් ඇති කරගැනීම ඉලක්ක කර ගනිමින්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගෙන යාවත්කාලීන කරනු ලැබ ඇති 'ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.