• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය තුළ හා අනෙකුත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් පමණ එක්රැස් වන අතර, එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර ලීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, විවෘත යෝජනා කැඳවීම මඟින් තෝරාගනු ලබන පෞද්ගලික ආයෝජකයෙකු හා මහනුවර මහනගර සභාව එක්ව පිහිටුවා ගනු ලබන හවුල් සමාගමක් විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.