• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම
- රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි ගිනි අවි භාවිත කිරීම‍, කෘෂිකාර්මික වගාවන් හා අනෙකුත් දේපළ ආරක්ෂා කිරීම සඳහා ගිනි අවි නිකුත් කිරීමේදී හා ගිනි අවි භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සංශෝධනය කිරීම සහ පොදු ස්ථානවල ගිනි අවි භාවිතා කිරීම තහනම් කිරීම ඇතුළු කාලනුරූපී අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබ ඇති නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි එකී ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.