• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්තවාද විරෝධී පනත් කෙටුම්පතට අදාළ ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව
- ත්‍රස්තවාදී ක්‍රියාවලින් හා ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ එහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාව සැලසීමටත්, ශ්‍රී ලංකාවේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමටත්, ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදි ප්‍රහාර වැළැක්වීමටත්, ත්‍රස්තවාදී උවදුරෙන් වෙනත් රටවල් හා ප්‍රදේශ ආරක්ෂා කිරීමටත්, විදේශයන්හි සිදු කරනු ලබන ත්‍රස්තවාදී කටයුතුවලට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය හෝ එහි ජනතාව යොදාගැනීම වැළැක්වීමටත්, ත්‍රස්තවාදී ක්‍රියා හා ඒ හා බැඳුණු වැරදි වැළැක්වීමට හා හඳුනාගැනීමටත්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා මහජන ආරක්ෂාවට බලපෑ හැකි ත්‍රස්තවාදී ක්‍රියා හා වෙනත් වැරදි සිදු කරන ලද තැනැත්තන් හඳුනාගැනීම, අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, විමර්ශන කටයුතු සිදු කිරීම, නඩු පැවරීම හා දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ විධිවිධාන ඇතුළත් කරමින් ත්‍රස්තවාද විරෝධී නව නීතියක් හඳුන්වා දීම සඳහා ‍ සකස් කරනු ලැබ ඇති සංශෝධිත 'ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව', ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂණ සඳහා එකී කාරක සභාව වෙත යොමු කිරීමටත්, එකී කාර්ය රාමුවට අනුකුලව ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.