• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකුගේ ප්‍රකාශය සටහන් කරගත් වහාම එකී සැකකරුට නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමේ අයිතිය ලබා දීමේ අරමුණින් 2016 වර්ෂයේ අගෝස්තු මාසයේදී පනත් කෙටුම්පතක් සම්පාදනය කෙරුණු නමුත් උනන්දුවක් දක්වන ඇතැම් පාර්ශ්වයන් විසින් සිදු කරන ලද නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත නොකෙරිණි. ඉන්පසුව නීතිමය කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශය පරිදි අදාළ කාර්යය සඳහා වඩාත් පිළිගත හැකි කෙටුම්පතක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සහ වෙනත් පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි. ඒ අනුව, එකී කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකුගේ අයිතීන් තහවුරු කරගැනීම සඳහා විධිවිධාන සලසනු ලබන කෙටුම්පත මත පදනම්ව අදාළ කාර්යය සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත්, එලෙස පිළියෙල කරනු ලබන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.