• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම
- ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට වාරි ජලය සැපයීමේ අරමුණින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අතරතුර එහි ප්‍රධාන උමඟ තුළ සිදු වූ ජලය කාන්දු වීම හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 08ක ළිං සිඳී යාම, නිවාසවල ඉරි තැළීම් සිදුවීම වැනි අහිතකර බලපෑම් උද්ගත වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානි සිදු වී ඇති අතර, ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ග කෙරෙහිද විශාල බලපෑමක් සිදුව ඇත. උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමනය කර එම ජනතාවගේ දෛනික ජීවනෝපාය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ‍ෙවනුවට නව නිවාස ඉදි කිරීම, පානීය ජල සම්බන්ධතා නොමිලේ ලබා දීම ආදී අවශ්‍ය සහන කඩිනමින් සැලසීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: