• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 60ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
- දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය තුළ ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දෙමින් අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාව වෙත ලබා දීම සහතික කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන නිර්දේශ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අතුරින් එක් ප්‍රධාන නිර්දේශයක් වනුයේ අලුතින් විදුලි ජනන ධාරිතාවක් කඩිනමින් පද්ධතියට එකතු කිරීමයි. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව පරිදි, මාස හයක (06) පමණ කෙටි කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනයට යොදාගැනීමේ අරමුණින්, විවෘත ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීම මඟින් මෙගාවොට් 60ක ධාරිතාවකින් යුතු විදුලි ජනක යන්ත්‍ර ප්‍රමාණයක් මිල දී ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.