• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1946 අංක 32 දරන වාරිමාර්ග ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට සරිලන පරිදි සංශෝධනය කිරීම
- මහවැලි බල ප්‍රදේශ හැර, ශ්‍රී ලංකාවේ අන් සෑම ප්‍රදේශයකම පිහිටි ප්‍රධාන වාරිමාර්ග ඉදි කිරීමේ, වැඩිදියුණු කිරීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. ඒ අනුව එකී වගකීම සාර්ථකව හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට එම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන පරිදි, කාලීන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් 1946 අංක 32 දරන වාරිමාර්ග ආඥාපනත අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි එකී ආඥාපනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.