• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩිගමුව වැව ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම
- මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ගොඩිගමුව වැව, අක්කර අඩි 45ක පමණ ධාරිතාවකින් යුක්ත වන අතර එහි ජලය උපයෝගී කරගනිමින් වී හා අනෙකුත් භෝග රැසක් වගා කරනු ලැබේ. මෙම වැවෙහි ධාරිතාව අක්කර අඩි 45 සිට අක්කර අඩි 202 දක්වා ඉහළ දැමීම මඟින් නාවුල ප්‍රදේශයේ දඹගල්ල, බඹරගහවත්ත හා හලඹගහවත්ත යන ගම්වල ජීවත් වන ගොවි පවුල් 162කට වාරි ජල පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ගොඩිගමුව වැව සංවර්ධනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 165.9ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.