• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එක්රැස් වන කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් භෂ්මීකරණය (Incineration) තාක්ෂණය වශයෙන් යොදා ගනිමින් අපද්‍රව්‍ය මඟින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල් පදනම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද ආයෝජකයින් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.