• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) වෙත ඉඩමක් ලබා දීම
- කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) විසින් ක්‍රියාත්මක කරනු ලබන කළමනාකරණය, තොරතුරු තාක්ෂණය හා භාෂා අධ්‍යාපනය පිළිබඳ පුහුණු පාඨමාලා සඳහා දැනට සිසුන් 10,500ක් පමණ සහභාගි වන අතර එකී පාඨමාලා සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. එසේ වුවද ආයතනයේ දැනට පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාඨමාලා සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරා ලීමත්, නව පාඨමාලා ආරම්භ කිරීමත් දුෂ්කර වී ඇත. ඒ අනුව, නව ගොඩනැඟිල්ලක් ඉදි කරමින් ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා එම ආයතනයට යාබදව පිහිටි, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පර්චස් 45ක පමණ බිම් කොටසක් NIBM වෙත පවරා දීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.