• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා අංශය පිහිටුවීම
- ජාතික ප්‍රමුඛතාව හා ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය අනුව පෙළගස්වනු ලබන ව්‍යාපෘති රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයන් යටතේ ක්‍රියාත්මක වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ක්‍රියාත්මක කිරීමට සුදුසු ව්‍යාපෘති තෝරාගැනීමේදී, ක්‍රියාත්මක කිරීමේදී හා කළමනාකරණය කිරීමේදී අදාළ අමාත්‍යාංශවලට සහාය වීම සහ උපදෙස් ලබා දීම සඳහා එම විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත අංශයක් මුදල් අමාත්‍යාංශය යට‍තේ පිහිටුවීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.