• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට ඩෙංගු රෝගය පත්ව ඇත. මෙම රෝගය වැළැක්වීම සඳහා වඩාත්ම ඵලදායී පියවර ලෙස හඳුනාගනු ලැබ ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝ වීම පාලනය කිරීමයි. ඊට අදාළ ක්‍රියාකාරකම් රජය මඟින් සිදු කිරීම සඳහා වන නීතිමය විධිවිධාන 2007 අංක 11 දරන මදුරුවන් බෝ වීම වැළැක්වීමේ පනත මඟින් සලසනු ලැබ තිබේ. මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ඌනතා හා අඩුපාඩු නිවැරදි කිරීමේ අරමුණින්, 2007 අංක 11 දරන මදුරුවන් බෝ වීම වැළැක්වීමේ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.