• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පිළිකා සංගමයට පිරිනමනු ලබන වාර්ෂික ප්‍රදානය වැඩි කිරීම
- 1948 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති ශ්‍රී ලංකා පිළිකා සංගමය, පිළිකා රෝගය නිසා කායිකව හා මානසිකව පීඩා විඳින රෝගීන් සඳහා සේවය කරනු ලබන ස්වේච්ඡා සංවිධානයක් වේ. නොයෙක් දානපතීන්ගේ අනුග්‍රහයෙන් පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට විවිධ ක්‍රියාකාරකම් මඟින් උදව් උපකාර කිරීම මෙම සංගමය විසින් සිදු කරනු ලබන අතර, අසාධ්‍ය පිළිකා රෝගීන් සඳහා පවත්වා ගෙන යනු ලබන 'ශාන්ත සෙවණ' සහ 'බණ්ඩාරනායක අනුස්මරණ පිළිකා නිවාසය' මඟින් රෝගී සත්කාර සේවාවන් නොමිලේ ලබා දෙනු ලැබේ. එකී පිළිකා නිවාසයන්හි අලුත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා අනුග්‍රහයක් වශයෙන් සහ ස්වේච්ඡා සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා පිළිකා සංගමය විසින් ඉටු කරනු ලබන මෙහෙය සැලකිල්ලට ගෙන එම සංගමය වෙත රජය විසින් වාර්ෂිකව ලබා දෙනු ලබන ප්‍රදානය රුපියල් 550,000/- සිට රුපියල් 2,000,000/- දක්වා වැඩි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.